පැය විසිහතර පුරාවටම සියලුම සිංහල පුවත් ලද සැනින්. පහළට ගමන් කරන්න.

Adaderana Sinhala News

ITN News

ටිලාන් අලස් CIDයෙන් පිටව යයි (Mon, 31 Mar 2025)
හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැය 05කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමෙන් පසු මීට සුළු මොහොතකට පෙර ඉන් පිටව ගොස් තිබෙනවා . 2023 වසරේ මාතර, වැලිගම හෝටලයක් අසලදි සිදුවූ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි හිටපු අමාත්‍යවරයාව මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණේ . ටිරාන් අලස් මහතා අද (31) උදෑසන 10ට […] The post ටිලාන් අලස් CIDයෙන් පිටව යයි appeared first on ITN News.
>> Read More

ගසා තීරයේ වෛද්‍යවරුන් ඝාතනය කිරීම ගැන රතු කුරුස සංවිධානයේ අප්‍රසාදය (Mon, 31 Mar 2025)
ගාසා තීරයේ වෛද්‍යවරුන් අට දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් රතු කුරුස සංවිධානය අප්‍රසාදය පළ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දකුණු ගාසා තීරයේ රෆා හි රාජකාරියේ යෙදී සිටියදී මෙම වෛද්‍යවරුන් අට දෙනා ඝාතනයට ලක්ව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. පසුගිය 23 වනදා අල්-හෂාෂින් හි පුද්ගලයින් නව දෙනෙකු රැගත් ගිලන් රථ පෙළකට දැඩි ප්‍රහාරයක් එල්ල වුණා. […] The post ගසා තීරයේ වෛද්‍යවරුන් ඝාතනය කිරීම ගැන රතු කුරුස සංවිධානයේ අප්‍රසාදය appeared first on ITN News.
>> Read More

ගුවන් මගියෙකුගේ මුදල් සොරා ගත් කුලී රථ රියදුරුවරයෙකු අත්අඩංගුවට (Mon, 31 Mar 2025)
ඩුබායි සිට පැමිණි ගුවන් මගියෙකුගේ අත් බෑගයෙහි තිබූ රුපියල් නව ලක්ෂ හාර දහස් හාරසීයයක මුදල් තොගයක් සොරාගත් , ගුවන් තොටුපොළ කුලී රථ රියැදුරුවරයෙකු අද (31) දින කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා . ඩුබායිහි මානව සම්පත් සහකාර කළමණාකරුවෙකු ලෙස සේවය කළ මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ඉකුත් (29) දින රාත්‍රී 09.30 ට එමිරේට්ස් ගුවන් සේවයේ […] The post ගුවන් මගියෙකුගේ මුදල් සොරා ගත් කුලී රථ රියදුරුවරයෙකු අත්අඩංගුවට appeared first on ITN News.
>> Read More

මියන්මාර භූමිකම්පාවෙන් පසු ගොඩනැගිලිවලින් දහස් ගණනක පිරිසක් ඉවතට (Mon, 31 Mar 2025)
මියන්මාර භූමිකම්පාවෙන් පසු බැංකොක්හි ඉරිතලා ඇති ගොඩනැගිලිවලින් දහස් ගණනක පිරිසක් ඉවත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම ගොඩනැගිලි කඩා වැටීමේ අවදානමක් පිළිබඳ මේ වනවිට අනතුරු අඟවා තිබෙනවා. භූමිකම්පාවෙන් මියන්මාරයේ මියගිය සංඛ්‍යාව 1,700 ඉක්මවන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. යුද්ධයෙන් විනාශ වූ මියන්මාරය ගොඩනැගීම සඳහා ඩොලර් මිලියන 8 ක හදිසි මානුෂීය ආධාර ඉල්ලීමක් ද […] The post මියන්මාර භූමිකම්පාවෙන් පසු ගොඩනැගිලිවලින් දහස් ගණනක පිරිසක් ඉවතට appeared first on ITN News.
>> Read More

රක්ෂිත බන්ධනාගාරගත කළ නීතිඥවරිය මුදාහරින ලෙස නියෝග (Mon, 31 Mar 2025)
අධිකරණයට අපහාස කලේයැයි පුත්තලම මහාධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කළ නීතීඥ එස් ඒ පී උදයංගනී වහාම මුදා හරින ලෙස අභියාචනාධිකරණය අද (31) නියෝග කළා. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ රජීව් අමරසුරිය මහතා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ. මෙසේ මුදාහල නීතීඥ එස් ඒ පී උදයංගනීට අප්‍රේල් මස 28 වනදා […] The post රක්ෂිත බන්ධනාගාරගත කළ නීතිඥවරිය මුදාහරින ලෙස නියෝග appeared first on ITN News.
>> Read More

හෙට සිට ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි (Mon, 31 Mar 2025)
හෙට (01) දින සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා . කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි . මධ්‍යම, සබරගමුව, […] The post හෙට සිට ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි appeared first on ITN News.
>> Read More

අද ඩොලරයේ අගය (Mon, 31 Mar 2025)
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (31) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 292.0669 ක් ලෙසයි සටහන්ව ඇත්තේ. එමෙන්ම එහි විකුණුම් මිල රු. 300.5806 ක් ලෙස වාර්තා වී තිබෙනවා.     The post අද ඩොලරයේ අගය appeared first on ITN News.
>> Read More

තරුණ සමුළුවට ගිය සිසුන් යළි දිවයිනට (Mon, 31 Mar 2025)
06 වැනි ලෝක සංස්කෘතික උරුමයන් පිළිබඳ තරුණ සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සිසු සිසුවියන් පිරිස අද උදෑසන යළි දිවයිනට පැමිණියා යුනෙස්කෝ සංවිධානය විසින් සංවිධානය කර තිබූ මෙම සමුළුව ග්‍රීසියේ ඇතැන්ස් නුවර පසුගිය 03/26 දින සිට 03/30 දක්වා ලෝකයේ රටවල් 14 ක තරුණ සිසුන් 450 කගේ පමණ සහභාගීත්වයෙන් පැවැත්වුණා එහිදී මෙම සමුළුව සඳහා සහභාගී […] The post තරුණ සමුළුවට ගිය සිසුන් යළි දිවයිනට appeared first on ITN News.
>> Read More

සංවිධානාත්මක අපරාධකරුවෙක් රුසියාවේදී අත්අඩංගුවට (Mon, 31 Mar 2025)
සංවිධානාත්මක අපරාධකරුවෙක් වන අමිල සම්පත් රුසියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ එරට ආරක්ෂ බලධාරීන් විසින් බවයි වාර්තා වන්නේ. The post සංවිධානාත්මක අපරාධකරුවෙක් රුසියාවේදී අත්අඩංගුවට appeared first on ITN News.
>> Read More

 BBC Sinhala

වසර 25ක් බලයේ සිටින පුටින් 'රුසියාව රැකබලා ගත්තා ද?' (Mon, 31 Mar 2025)
සියවසකින් හතරෙන් එකක කාලයක් තිස්සේ බලයෙහි සිටින පුටින්ගේ වෙනස් ස්වරූප බොහෝමයක් අත්දැක තිබෙන බව බීබීසීහි රුසියාවේ සංස්කාරකවරයා පවසයි.
>> Read More

ව්‍යායාම කිරීමේදී සිරුරේ මේදය දහනය වීම ඇරඹෙන්නේ කුමන අවස්ථාවේ සිට ද? (Mon, 31 Mar 2025)
බොහෝ දෙනා ව්‍යායාම කරන්නේ එක් මූලික අරමුණක් සිතෙහි තබාගෙන ය. එනම්, ශරීරයේ මේදය දහනය කර ගැනීම යි. නමුත්, මේදය දහනය කිරීමේ අවස්ථාවට ශරීරය එක්වර ම පත් වන්නේ නැත. ඒ වෙනුවට, ශක්තිය භාවිතය, ව්‍යායාමයේ ස්වභාවය, කාලය සහ පවතින පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය (මෙහිදී ග්ලූකෝස්) ඇතුළත් සංකීර්ණ ක්‍රියාවලියක් මත එය රැඳී පවතී.
>> Read More

ඔන්ලයින් වංචා: 'වංචාකාරී ඇමතුමක් ද කියලා' දැන ගන්නේ මෙහෙමයි (Mon, 31 Mar 2025)
මෙම වසරේ පළමු මාස දෙක තුළදී මෙරට පුද්ගලයින් අන්තර්ජාලය ඔස්සේ විවිධ වංචාවන්ට හසු වූ සිදුවීම් 108ක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චරුක දමුණුපොල බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසුවේ, අන්තර්ජාලය ඔස්සේ ලැබෙන විවිධ දුරකථන ඇමතුම් සහ කෙටි පණිවුඩ ඔස්සේ ජනතාව විවිධ වංචාවන්ට හසුවන බවයි.
>> Read More

මියන්මාරයේ භූ කම්පන වැඩි වශයෙන් ඇති වීමට හේතු (Sun, 30 Mar 2025)
මියන්මාරයේ මධ්‍යම ප්‍රදේශයට බලපෑ මැග්නිටියුඩ් 7.7ක ප්‍රබල භූ කම්පනයෙන් පසු, එම ප්‍රදේශය භූ කම්පන ක්‍රියාකාරකම්වලට ගොදුරු වීමට හේතු ව අපි සොයා බලමු.
>> Read More

මියන්මාර් - තායිලන්ත භූ කම්පනය: මියන්මාරයේ මරණ ගණන 1,700ක් දක්වා ඉහළට (Mon, 31 Mar 2025)
මේ වන විට (ශ්‍රී ලංකා වේලාවෙන් මාර්තු 31 සඳුඳා උදෑසන 8.30 පමණ වන විට තත්ත්වය) මියන්මාරයේ පුද්ගලයින් අවම වශයෙන් 1,700 දෙනෙකු මියගොස් සිය ගණනක් අතුරුදන් වී තිබේ. තායිලන්තයේ බැංකොක් අගනුවර ඉදිවෙමින් පැවති උස් ගොඩනැගිල්ලක් කඩා වැටී අතුරුදන් වූ ගණන් 76 ලෙස ගණන් බලා ඇති අතර මිය ගිය සංඛ්‍යාව 18 දක්වා ඉහළ ගොස් ඇත.
>> Read More

'මගේ ම හැඟීම් ගැන කියාගන්න මට අමාරු ඇයි' (Wed, 26 Mar 2025)
අප බොහෝ දෙනෙක් ආතතියෙන් පෙළෙන විට, එම හැඟීම් අපට දැනෙන ආකාරය අනුව, සහජයෙන්ම එහි ස්වරූපය අපට නම් කළ හැකි ය. නමුත් ආචාර්ය ක්‍රිෂා වෝල්ඩොක් අපහසුතාවයෙන් පෙළෙන විට, සිදුවන්නේ කුමක්ද යන්න වටහා ගැනීමට ඇයට වැඩි කාලයක් ගත වේ.
>> Read More

මාංශ ජීර්ණය කිරීමේ අපහසුතාව: අපේ ශරීරයට මස් ජීර්ණය කරන විධිය අමතක වෙන්න පුළුවන් ද? (Sat, 22 Mar 2025)
මස් ආහාරයට ගැනීම නතර කරන ඇතැම් පුද්ගලයින් නැවත මස් ආහාරයට ගන්නා විට යම් අප්‍රසන්න බලපෑම් ඇති වන්නේ යැයි වාර්තා කර තිබේ. ඔබේ ශරීරයට මස් ජීර්ණය කරන ආකාරය අමතක කළ හැකි ද?
>> Read More

ශ්‍රී ලංකාවේ බහුල මහා අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකාවෙන් මිදෙන්නේ කෙසේ ද? (Wed, 12 Mar 2025)
ස්ත්‍රී හා පුරුෂ දෙපාර්ශවය අතර ම සමාන ලෙස දක්නට ඇති මහා අන්ත්‍ර හා ගුද මාර්ග පිළිකා හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව, ලොව පිළිකා නිසා සිදුවන මරණ අතර දෙවන ස්ථානයේ පවතියි. මෙරට ජාතික පිළිකා දත්ත ලේඛනයට අනුව 2021 වස⁣ර වන විට මහා අන්ත්‍ර හා ගුද මාර්ග පිළිකා රෝගීන් ලෙස පිරිමි පුද්ගලයන් 1,522ක් සහ කාන්තාවන් 1,596ක් ලෙස හඳුනාගෙන තිබේ.
>> Read More

උපත් පාලන පෙති භාවිතය කාන්තාවන්ට ඇත්තට ම වැඩි කාංසා තත්වයක් ඇති කරනවා ද? (Sun, 09 Mar 2025)
මෑත වසරවලදී, බොහෝ කාන්තාවන් උපත් පාලන පෙතිවල අතුරු ආබාධ, විශේෂයෙන් ඔවුන්ගේ මනෝභාවයන් සහ මානසික සෞඛ්‍යය කෙරෙහි ඇති විය හැකි බලපෑම් ගැන සැලකිලිමත් වී ඇත. සැබවින් ම වර්ධනය වන ප්‍රතිවිරෝධයක් පවතින අතර, #quittingbirthcontrol වැනි හෑෂ්ටැග් සමාජ මාධ්‍යයේ මිලියන ගණනක් නරඹා තිබීමෙන් එය වඩාත් තහවුරු වේ.
>> Read More

'හරි ම හුරතල්' යන අර්ථය දෙන අලුත් වචනයක් ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයට එක් කෙරේ (Fri, 28 Mar 2025)
ගීගිල් (ගීගිල් ලෙස උච්චාරණය කෙරේ) යනු ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයට එකතු කර ඇති "පරිවර්තනය කළ නොහැකි" වචන මාලාවකට අයත් එක් වචනයකි. එසේ නැතහොත් අර්ථ දැක්වීම සඳහා ඉංග්‍රීසි බසෙහි සමාන පද නොමැති වචන ලැයිස්තුවකට අයත් වචනයකි.
>> Read More

ඔබ නිවැරදිව දත් මැදිය යුත්තේ කෙසේ ද? (Thu, 27 Mar 2025)
ඵලදායී ලෙස දත් මදින විට නිදන්ගත රෝග රැසකට ගොදුරු වීමේ සම්භාවිතාව අඩු වන අතර, ඔබේ දත් සහ විදුරුමස් නිරෝගීව තබා ගැනීමට ද උපකාරී වේ. නමුත් අපෙන් බහුතරයක් එය වැරදි ලෙස කරති. විශේෂඥයින්ට අනුව, ඔබේ දත් නිසි ලෙස මදින්නේ කෙසේ ද?
>> Read More

ඇමෙරිකාවේ යුද්ධ රහස් එළියට විසිවුණු 'සිග්නල්' සමූහ සංවාදයේ ඇතුළත් වැදගත් කරුණු 5ක් (Tue, 25 Mar 2025)
මාර්තු 11 වන දින, ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක උපදේශක මයිකල් වෝල්ට්ස්ගේ යැයි කියනු ලබන 'සිග්නල්' ගිණුම හරහා තමන්ව කණ්ඩායම් සංවාදයක් සඳහා ඇතුළත් කර ගැනීමට ඉල්ලීමක් (connection request) ලැබුණු බව ජෙෆ්රි ගෝල්ඩ්බර්ග් සඳහන් කළේ ය.
>> Read More

අලුතෙන් රියැදුරු බලපත්‍රයක් ලබාගන්නේ මෙන්න මෙහෙමයි (Mon, 24 Mar 2025)
රියැදුරු බලපත්‍රය යනු, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) විසින් නිකුත් කරනු ලබන නිල ලේඛනයක් වන අතර එය පුද්ගලයින්ට ශ්‍රී ලංකාවේ මහා මාර්ගවල මෝටර් රථ පැදවීමට අවසර ලබා දෙයි. එය ලබා ගන්නා ආකාරය සරලව, පියවරෙන් පියවර මෙම ලිපිය මගින් පැහැදිලි කර ඇත.
>> Read More

Vape/e-Cigarette භාවිතය පිළිබඳ ශ්‍රී ලංකාවේ ඇති නීතිමය පසුබිම ගැන ඔබ දන්නවා ද? (Sun, 23 Mar 2025)
Vape එසේත් නැතිනම්, ඊ සිගරැට් (e-cigarette) යනු, දුම්කොළ දහනය නොකර දුම්පානය අනුකරණය කිරීමට නිර්මාණය කර ඇති උපකරණයකි.
>> Read More

Lankadeepa News

මියන්මාරයට ශ්‍රී ලංකාවෙන් මානුෂික - මුදාගැනීමේ ආධාර (Mon, 31 Mar 2025)
භූමිකම්පාවෙන් පීඩාවට පත් මියන්මාර ජනතාවට මානුෂික ආධාර සහ මුදාගැනීමේ කණ්ඩායම් වාහාම යැවීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.
>> Read More

මහා පරිමාණ ඉදිකිරීම්වල වර්ධනයක අපේක්‍ෂාවක් (Mon, 31 Mar 2025)
ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හදුන්වන ‘සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය’ පසුගිය පෙබරවාරි මාසයේ දර්ශකාංක 55.6 ක් දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය.
>> Read More

පො.එ.පේ අපෙක්ෂිකාව කුඩු සමග මාට්ටු (Mon, 31 Mar 2025)
පොදුජන එක්සත් පෙරමුණ පක්ෂයෙන් මෙවර පානදුර නගර සභා අපේක්ෂිකාවක ලෙස තරග වදින කාන්තාවකට අයත් අයිස් මත්ද්‍රව්‍ය සමග අනුරාධපුර, ශාවස්තිපුර ප්‍රදේශයේ හෝටල් කාමරයක සිටියදී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
>> Read More

මියන්මාරයට වෛද්‍ය බල ඇණියක් යවන්න (Mon, 31 Mar 2025)
හමුදාවේ වෛද්‍ය බළකායේ වෛද්‍යවරුන් අතුළු කණ්ඩායමක් මියන්මාරයේ සහන කටයුතු සඳහා වහාම යවන්නැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
>> Read More

පාඨමාලා 16කින් කෝටි 2ක් නීතියට පිටින් අරන් (Mon, 31 Mar 2025)
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය 2023 වර්ෂයේදී පාඨමාලා 16කින් දෙකෝටියකට ආසන්න පාඨමාලා ගාස්තු මුදලක් නීති විරෝධීව අය කරගෙන තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
>> Read More

ආණ්ඩුව රටේ නීතියේ ආධිපත්‍යය නැති කරනවා (Mon, 31 Mar 2025)
වර්තමාන ආණ්ඩුව රටේ නීතියේ ආධිපත්‍යය නැතිකර ජනතාව සහ ජනමාධ්‍ය මර්ධනය කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අද (31) පැවසීය.
>> Read More

කුලී රථ රියදුරා ගුවන් මගියාගේ ලක්ෂ 9කට විදලා (Mon, 31 Mar 2025)
ඩුබායි සිට පැමිණි ගුවන් මගියෙකුගේ අත් බෑගයෙහි තිබූ රුපියල් නව ලක්ෂ හාර දහස් හාරසීයයක මුදල් තොගයක් සොරා ගත් , ගුවන් තොටුපොළ කුලී රථ රියැදුරුවරයෙකු අද (31) කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ .
>> Read More

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගෙන් රතු එළියක් (Mon, 31 Mar 2025)
පරිපූරක වෛද්‍ය උපාධිධාරින් බඳවා ගැනීමට වහාම පිළියමක් යොදන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බවත් සම සෞඛ්‍ය ශිෂ්‍යයන්ගේ අරගලයට පහරදී ගැටලුව යටපත් කරන්නට උත්සාහ කලහොත්, වර්ජන ක්‍රියා මාර්ගයක් ආරම්භ කරන බවත් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි.
>> Read More

තරු හෝටලයේ ඉහළ මාලයෙන් වැටුණු තරුණයාගේ ලිපිය (Mon, 31 Mar 2025)
’’සමාවෙන්න මට අම්මේ මට ගොඩක් මහන්සි හැමදාමත් මම හිතින් විඳවනවා, දුක දරාගන්න අමාරුයි, ගොඩක් දුර්වලයි මගේ හිත,අනේ මට සමාවෙන්න
>> Read More

පුත්තලමෙන් රිමාන්ඩ් කළ නීතිඥවරිය අභියාචනාධිකරණයෙන් මුදා හරියි (Mon, 31 Mar 2025)
විනිසුරුවරියට ගෞරවාන්විතව ආමන්ත්‍රණය නොකිරීම සහ අධිකරණයට ඇතුළු වීමේදී හිස නමා ආචාර නොකළ බවට චෝදනා ලැබ ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකිවීම හේතුවෙන් පුත්තලම මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවනදුරුගොඩ මහත්මිය විසින් රිමාන්ඞ් භාරයට පත් කල නීතිඥවරිය වහාම මුදාහැරීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය.
>> Read More

’’ශක්තිමත් සෞඛ්‍ය’’ ජාතියේ පදනමයි (Mon, 31 Mar 2025)
ශක්තිමත් සෞඛ්‍ය සේවා පද්ධතියක් සමෘද්ධිමත් ජාතියක පදනම බව වත්මන් රජය පිළිගන්නේ යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
>> Read More

ගොඩක් අයට වැලිකඩ සෙල්ලම් පාර්ලිමේන්තුවක් දාගන්න වෙයි (Mon, 31 Mar 2025)
හිටපු බොහෝ දේශපාලකයන්ට ඉදිරියේදී වැලිකඩ සෙල්ලම් පාර්ලිමේන්තුවක් හදාගන්න පුළුවන් වේවි යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාතර වැලිපිටියේදී පැවසීය.
>> Read More

Hiru News

Swarnavahini News

Sirasa News